Monday, January 2, 2017

ටොරොන්ටෝ විශ්ව විද්‍යාලයේ මහාචාර්‍ය රොබට් මැක්ෆාඩ්න්



මේ ටොරොන්ටෝ විශ්ව විද්‍යාලයේ මහාචාර්‍ය රොබට් මැක්ෆාඩ්න් ය. ඔහු භාවනා කිරීම මගින් මස්තිෂ්කයේ සිදුවන ධනාත්මක වෙනස්කම් පිලිබඳව පරියේෂණ කරයි. බුදු දහම සම්බන්ධයෙන් මහාචාර්‍ය මැක්ෆාඩ්න් තුල ගැඹුරු දැණුමක් තිබේ. සිවුරු ඇඳගත් නමුත් බුදු බණ හරි හැටි නොදන්නා ; වෛරය දේශනා කරන ආමිශයේ ගැලී සිටිනා අපගේ සමහර භික්‍ෂූන් දකින විට මට සිතෙන්නේ යුරෝපයේ සහ උතුරු ඇමරිකාවේ සිටින බුදු දහම විශ්ලේශනාත්මකව හදාරන මහාචාර්‍ය මැක්ෆාඩ්න් වැනි පුද්ගලයන් බුදු මගට ඉතා කිට්ටු බවය.




14 comments:

  1. ඉතින් අපි මහාචාරය මැක්ෆාඩ්න් බොදු බල සේනාවේ සභාපති කරමුකො හිටන්...

    ReplyDelete
  2. භාවනාව වගේ ආත්ම විමුක්ති මාර්ග බටහිරට දීලා මිත්‍යාව වැළඳගත්ත බුද්ධාගමක් අපට තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. භාවනාව බුද්ධාගමේ දෙයක් නෙමෙයි....

      Delete
    2. බුද්ධාගමේ භාවනාව යනු මනෝ එකාග්‍රතාවයි මා විසින් ලියන ලද භාවනාව පිලිබඳ ඉංග්‍රීසි ලිපි කීපයක් මේ බ්ලොගයේ තිබේ එ්වා කියවන්න

      Delete
    3. @ Trans Sylvania January 3, 2017 at 2:33 PM
      "...බුද්ධාගමේ භාවනාව යනු මනෝ එකාග්‍රතාවයි.."

      ඔබ මේ කියන්නේ සමථ භාවනාව ගැනයි. නමුත් විදර්ශනා භාවනා කියා බුදුදහමට පමණක් ආවේනික භාවනාවක් තිබෙනවා. එමගින් කිඑරෙන්නේ ප්‍රඥාව වැඩීම.

      Delete
    4. මාතලන් , එහෙමයි ,එකඟයි

      Delete
  3. ඩොක්ට. අපේ භික්ෂුලා කරගෙන තියෙන්නේ නියම ධර්මය කස්ටම් මේඩ් කිරිල්ලයි. නියම බුද්දාගමට වඩා වයලන්ට් බුද්දාගම මාර්කට් කොරන්ට ලෙහෙසියි. මොකද රටේ 99% ජනතාව 24/7 ඉන්නෙ කා එක්ක හෝ මළ පැනපු ගමන් නිසා.

    ප. ලි.

    මේ ෆොටෝ එකේ වම්පත්තේ ඉන්නෙ ඔබ තුමානම්, ඩොක්ට, ඔහෙ එක්ක කථා බස් කර නැති උනත් වරක් හෝ දෙවරක් දැක ඇත්තෙමි (හිටං).

    🙃

    ReplyDelete
    Replies
    1. යලන්ට් බුද්දාගම මාර්කට් කොරන්ට ලෙහෙසියි. මොකද රටේ 99% ජනතාව 24/7 ඉන්නෙ කා එක්ක හෝ මළ පැනපු ගමන් නිසා. ///// absolutely true

      Delete
  4. හිතවත් වෛද්‍ය රුවන්,

    හොඳ පෝස්ටුවක්. ඇත්තටම බෞද්ධ දර්ශනය නිසි පරිදි යොදාගත්තොත් සිතට මනා සැනසීමක් උදාකරගත හැකියි.

    කෙසේ නමුත් ඔබ විශ්වවිද්‍යාල ආචාර්යවරයකු ගැන කියා ඇති නිසා යම් පැනයක් අසන්නට සිතුනා. එංගලන්තයේ ඉගෙනගන්න එන සමහර විදේශීය සිසුවියන් ගණිකා වෘත්තියේ යෙදෙනවා කියලා නිව්ස් එනවා. අවුරුද්දකට පවුම් 10,000-12,000ක් විතර යුනිවලට ගෙවන්න ඕන. කාමර, කෑම, අනිත් දේවල් වෙනම. උන් කොහොම ගෙන්න ගන්නද ඔච්චර සල්ලියක්. යුරෝපිය නොවන රටවල්වල අයට නම් වැඩ කරන්න දෙන්නෙත් සීමිත පැය ගානක්. ඒක කන්නත් මදි. මේ ගැන ඔබගේ මතය කුමක් ද?

    ReplyDelete
    Replies
    1. උතුරු ඇමරිකාවේ නම් සිසුන්ට නය ලැබෙනවා. හොඳින් ඉගෙන ගන්නේ නම් නය නොවන බර්සරීස් පවා ලැබේ.

      Delete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook