Wednesday, July 15, 2015

පාසල් මිතුරා

 

පාසල් කාලයේ  මා සමග ඉගෙනුම ලැබූ ඩැනී යළි මුණගැසීම මා තුළ ඇති කළේ සතුටකි. ඇත්ත වශයෙන්ම අප හමු වූ විට අප දෙදෙනාම පාසලෙන් ඉවත් වී අවුරුදු විස්සකට වඩා ගත වී තිබු‚. අප පහ වසර ශිෂ්‍යත්ව විභාගයට සූÞනම් වූයෙත් එකටය. ඉගෙනුමෙහි දක්ෂයෙකු වූ ඩැනී ශිෂ්‍යත්ව විභාගය ඉහලින්ම සමත් විය. එහෙත් කොළඹ උසස් විද්‍යාලයක ඉගෙනුම ලැබූ අපට පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වීම අපගේ දක්ෂකම ගැන උÞහරණයක් පෙන්නුම් කිරීම මිස අමතර ප්‍රතිලාභයක් ඉන් නොලැබු‚. එහෙත් පහ වසර ශිෂ්‍යත්වය සමත් වී ග්‍රාමීය පාසල් වලින් අපගේ විදුහලට නවක සිසුන් පැමි‚ විට අපි ඔවුනට වඩා හොඳින් අධ්‍යාපනයේ යෙදීමට ගිවිස ගත්තෙමු. 

අපි පාසලේ බිත්ති පුවත් පතට ලිපි සැපයූවෙමු. වරක් ඩැනී ඔහුගේ සුරතල් බලූ පැටියාගේ මරණය පිළිබඳ හදවත කඩා වැටෙන අන්දමේ පැදි පෙළක් ඉංග්‍රීසි භාෂාවෙන් ලීවේය. මෙය පාසල් බිත්ති පුවත් පතේ පළ වූ අතර විදුහල්පතිතුමා එය දැක ඩැනීට විශේෂ ප්‍රශංසාවක්ද කළේය. එA ගැන මමද අවංකවම සතුටු වීමි. 

විවේක කාලයේ දී අප නිවසින් ගෙන එන ආහාර ඛෙÞ ගතිමු. ඩැනී ඉඳ හිට චොක්ලට් ගෙන එයි. මම ඔහුට අප ගෙවත්තේ වැවුණු කෙසෙල් හා ෙÞඩම් දුන්නෙමි. අප දෙදෙනා විදුහලේ ටෙනිස් කණ්ඩායමේ දක්ෂ ක්‍රීඩකයන් බවට පත් වෙමින් සිටි බව මට එA කාලයේ පවා වටහා ගත හැකි විය. විද්‍යාලාන්තර ක්‍රීඩා වල දී මම ඩැනී සමග දස්කම් දැක්වුවෙමි. එම නිසා අප දෙදෙනාට විශාල ගරුත්වයක් පාසල තුළ දී ලැබු‚. 

සාමාන්‍ය පෙළ විභාගයට ඉගෙනුම ලබන සමයේ දී ඩැනී ගේ පියා රිය අනතුරකින් අකාලයේ මිය යාම ගැන මා දුක් වු අතර ඉතා කණගාටුÞයක සිද්ධියක් ලෙස සැළකුවෙමි.

ඔහු තුළ දරුණු සසල වීමක් මම දුටුවෙමි. ඉංජිනේරුවරයෙකු වූ ඔහුගේ පියා මෙලෙස අකාලයේ මරු වැළඳ ගනු ඇතැයි අපි කිසිවෙක් නොසිතුවෙමු. එහෙත් දෛවය කොතරම් කුරිරු ලෙස මිනිසුන්ට පහර දෙන්නේ ද යන්න මා වටහා ගත්තේ ඩැනීගේ පියාගේ මරණයෙනි.

පියාගේ මරණයෙන් පසු එක දිගට සති හයක් ඔහු පාසලට පැමි‚යේ නැත. මම සවස් වරුවක ඔහුගේ නිවසට ගියෙමි. එහි දී මා දුටුවේ කළකිරිමෙන් හා දුක්ඛිත අයුරින් පියාගේ ඡායාරූපය දෙස බලා සිටින ඩැනීය. ඔහුගේ ශෝකය තුනී කිරිමට මම හැකි තරම් දුරට ක්‍රියා කෙළෙමි. මම දෙමව්පියන්ගේ අවසරය මත ඔහු සමග ටික දිනක් එහි නැවතී සිටියෙමි. රාත්‍රී භෝජන සඳහා ඔහු කැටුව අවන්හල් වලට ගියෙමි. එසේම චිත්‍රපටි බැලීම සඳහා ද මම ඔහු කැටුව ගියෙමි. එහෙත් ඩැකීගේ ශෝකාකූල බව අඩු වූයේ මඳ වශයෙනි. මගේ බලවත් උත්සාහය නිසා ඔහු යළිත් අධ්‍යාපන කටයුතු වලට මනස යෙදවීය. එහෙත් පෙරÞ මෙන් නොවේ.

මෙවර වාර විභාගයේ දී මට හොඳ ලකුණු ලබා ගැනීමට හැකි වූ අතර පන්තියේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත් වූයෙමි. වාර විභාගයෙන් අඩු ලකුණු ලැබූ ඩැනී පන්තියේ විසි දෙවනියා විය.කවරÞකවත් පන්තියේ පස්වැනියාගෙන් පහළට නොවැටුණු ඩැනි මෙලෙස අධ්‍යාපනයේ හදිසි කඩාවැටීමකට ලක් වීම මටත්, අපේ ගුරුවරුන්ටත් ශෝකය මිශ්‍ර කම්පනයක් ඇතිකළේය. 

සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සමයේ දී මම ඉතා හොඳින් අධ්‍යාපන කටයුතු වල යෙදුනෙමි. විභාගයෙන් හොඳින් සමත් වීම මගේ එකම අරමුණ විය. එA අතර තුර දි ඩැනී අධ්‍යාපන කටයුතු වල නිරත වන්නේදැයි සොයා බැලිමි. මා ඔහුගේ අධ්‍යාපන කටයුතු සොයා බලා එA පිළිබඳව විමසූ හැම විටම ඔහු නොරිස්සුම් ස්වභාවයක් පෙන්වීය. එහෙත් ඔහු පාඩම් වල යෙදෙනවා ඇතැයි මම විශ්වාස කෙළෙමි. 

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ලැබුණ දින මගේ සතුට ඉහවහා ගියේය. මා ඉහලින්ම සමත් වී තිබු‚. අප විදුහලේ සාමාන්‍ය පෙළ විභාගය විශිෂ්ඨ අන්දමින් සමත් වූ එකළොස් දෙනා අතරට මාද අයත් වීය. එහෙත් ඩැනී සාමාන්‍ය සාමාර්ථ්‍යයක් සමග යන්තමින් විභාගයෙන් ගෙඩ වී තිබු‚. 

සාමාන්‍ය පෙළ විභාගයෙන් පසුව ගණිත විෂයන්ගෙන් උසස් පෙළ හැදෑරීමට මට අවශ්‍ය විය. ඩැනී කලා අංශයෙන් උසස් පෙළ හැදෑරිය. එම නිසා මේ කාලය තුළ දී අප දෙදෙනා වෙන්ව ගියෙමු. අපගේ පන්ති තිබුණේ දුරස්ථ ගොඩනැගිලි දෙකකය. එබැවින් අප ඉද හිට හමු වූයේ කැන්ටිමේ දී හෝ විදුහල ඇරෙන අවස්ථාවේ දී පමණය. 

ඩැනී හා මා අතර තිබූ මිත්‍රත්වය ක්‍රමයෙන් ඈත් වෙත්ම මට මගේ පන්තියේ නව මිතුරන් ඇති වු බව සත්‍යයකි. ඔවුහු හොඳට ඉගෙනීම කරනු ලැබූ අතර මා කෙරෙහි තරඟකාරි බවක් දැක්වුහ. ඩැනී වැනි මගේ අදහස් වලට ගැලපෙන මිතුරෙකු නොසිටිම අඩුවක් වුවද, මේ කාලයේ මා අධ්‍යාපනයේ වෙළී සිටිම නිසා මට එA අඩුව වැඩිපුර දැණුනේ නැත. 

උසස් පෙළ අවසන් වසරේ දී මට ඩැනී හමු වූයේ ඉතාමත් කලාතුරකිනි. ඔහු ඉද හිට පාසලින් කට්ටි පැන චිත්‍රපටි බැලීමට යන බවත්, විදුහල අසල තිඛෙන බාබර් සාප්පුවට වී දුම් පානය කරන බවත්, මට අසන්නට ලැබු‚. එසේම අපගේ පාසලේ වාර්ෂික ක්‍රිකට් තරඟාවලියේ දී ඩැනී මත් පැන් පානය කොට ශිෂ්‍ය නායකයින්ට අසු වූ බවට ද පුවතක් තිබු‚. 

මේ අතර වාරයේ  ඩැනීගේ මව නැවතත් විවාහ වීමට ගිය බවත්, ඊට ඩැනී සහ ඇගේ සොහොයුරිය අකමැති නමුදු එම විරෝධය නොතකා නීතිඥයෙකු සමඟ විවාහ වූ බවත්, ඩැනීගේ අසල් වැසියෙකු වූ චානුක මා සමග පැවසිය. චානුක ද මා සමග උසස් පෙළ පන්තියේ එකට ඉගෙනුම ලැබූ ශිෂ්‍යයෙකි. 

ඩැනී පිළිබඳ වැඩි විස්තර සොයා බැලීමේ දී චානුකද ඔහු ගැන කණගාටු වන බව පෙනුණි. තම බාප්පාට අකමැති වූ ඩැනී වැඩිපුරම කාලය ගත කළේ තමාගේ අළුත් මිතුරන් පිරිසක් සමගිනි. ඔවුහු දුම් පානය කරන, පාසලේ දී හැසිරීම පිළිබඳව නොයෙක් ගැටළු තිබූ සිසුවෝ වූහ. වරක් මා ඩැනී හමු වීමට ගිය ද ඔහු මා නොතකා හැරියේය. එම නිසා මගේ හිත රිදුණු බව කිවයුතුය. ඔහු මා කෙරෙහි කිසිදු සැලකිල්ලක් නොදක්වා, තම මිතුරන් දෙදෙනෙකු සමග පාසල් තාප්පයෙන් පැන චිත්‍රපටියක් බැලීම සඳහා ගියේය. ඉන් පසු මම ඔහු හමුවීමට නොගියෙමි.

උසස් පෙළ හොඳින් සමත් වූ මම වැඩි දුර අධ්‍යාපනය සඳහා ඕස්ටේ්‍රලියාවේ මොනෑෂ් විශ්ව විද්‍යාලයට ගියෙමි. එහිදී පශ්චාත් උපාධිය සඳහා ඉගෙනුම ලැබූ නිසා මට දීර්ඝ කාලයක් ශ්‍රී ලංකාවට එAමට නොහැකි විය. වසර ගණනාවකට පසුව මම ශ්‍රි ලංකාවට පැමි‚යෙමි. මට පේරාදෙනිය විශ්ව විද්‍යාලයයේ කථීකාචාර්ය ධුරයක් ලැබුණු අතර මා කොළඹ පැමි‚යේ සති අන්තයේ පම‚. මේ කාලයේ දී මම විවාහ වූයෙමි. මගේ බිරිඳ පෞද්ගලික සමාගමක රැකියාව කළ අතර දුව හා පුතා ඉපදීමෙන් පසු ඇය පූර්ණ කාලීන ගෘහ‚යක් වූවාය.

කාලයත් සමග ජීවිත ගලා යමින් තිබු‚. මට මගේ පාසල් මිතුරන් කිහිප දෙනෙකු මුණ ගැසුණ අතර ඩැනී පිළිබඳව කිසිම තොරතුරක් දැන ගැනීමට නොහැකි විය. ඩැනී කුඩු ගැසීමට ඇබ්බැහි වී ඇති බව මගේ එක් මිතුරෙක් කීය. එය දූෂමාන ආරංචියක් යැයි කියමින් මම එය විශ්වාස නොකෙළෙමි. 

මට ඩැනී හදිස්සියේම මුණ ගැසෙන විට වසර විස්සකට අධික කාලයක් ගෙවී ගොස් තිබු‚. ඔහු මට මුණ ගැසුනේ අහම්බයෙනි. සති අන්තයේ කිරුළපන පිහිටි මගේ නිවසට මා පැමි‚යේ මගේ මෝටර් රථයෙනි. දිනක් නිවසට පැමිණෙමින් සිටින අතර තුර මගේ මෝටර් රථය කඩුගන්නාවේ දී ලෙඩ දෙන්නට පටන් ගති. වාසනාවකට මෙන් මා දන්නා පුද්ගලයෙකුගේ ගරාජයක් අසල තිබූ හෙයින් මම වාහනය ඔහුට පෙන්වුයෙමි. ගරාජ හිමියා පසුÞ උදෑසන වන විට වාහනය අළුත් වැඩියා කොට දීමට පොරොන්දු විය. එම නිසා මා කොළඹ පැමි‚යේ බස් රථයකිනි. 

කොළඹ කොටුවට පැමි‚ මා  කිරුළපන යාමට කුලී රියක් සෙවූ නමුදු විනාඩි කිහිපයක් ගතවන තෙක් කුලී රියක් සොයා ගැනීමට නොහැකි විය. එබැවින්  138 දරණ හෝමාගම බසයට ගොඩ වූයෙමි. බස් රථය පිටත් වීමට පෙර ඉතා කිලිටි ඇඳුමක් ඇද සිටි පුද්ගලයෙක් ගිටාරයක් ද ගෙන බස් රථයට ගොඩ විය. ඔහු තරමක ගොරෝසු හඬින් ගීයක් ගැයුවේ මගීන් පිනවා මුදලක් ලබා ගැනිම පි‚සය. වෙනත් කල්පනාවක නිමග්ගනව සිටි මට ගායකයා ගැන විශේෂ උනන්දුවක් ඇති නොවීය. අහම්ඛෙන් මෙන් මට ගායකයා දෙස බැලිනි. එක් වරම තිගැස්මක් සහිතව මට පෙනී ගියේ මෙම ගායකයා මගේ පාසල් මිතුරු ඩැනී බවය. 

ඩැනී මෙවැනි තත්ත්වයකට වැටී සිටිනවා බැලීමට මම අපේක්ෂා නොකෙළෙමි. එසේම එම සිදුවීම අප දෙදෙනාවම අපහසුතාවයට පත් කරන්නක් විය. කෙසේ වුවද මම මගේ පාසල් මිතුරා ප්‍රතික්ෂේප නොකෙළෙමි. ගීතය ගැයීමෙන් පසු ඔහු මගීන්ට අත පෑවේ යම් මුදලක් ලබා ගන්නා අටියෙනි. ඔහු මා ආසන්නයට පැමිණ අත දිගු කළ වහාම මම රුපියල් සියයේ නෝට්ටුවක් ඔහු අත තැබිමි. නිර්ලෝභී මගියා වෙත ඩැනි බැලූවේ කෘතගුණ පූර්වක බැල්මකිනි. එA සමගම අපගේ දෙනෙත් එකටෙක මුණ ගැසි‚. එසැනින් අප දෙදෙනා එකිනෙකා හඳුනාගත්තෙමු. ඩැනීගේ මුහුණේ මද සිනාවක් මතු විය. එA සමගම එය ලැජ්ජාවට පරිවර්ථනය වූ බව මට පෙනිණි. මා මග හැර යාමට ඩැනී අසාර්ථක උත්සහයක යෙදු‚. 

එකෙනෙහිම මම අසුනෙන් නැගිට ඩැනීට කථා කෙළෙමි. බසයේ වු මගීන් අප දෙස බැලූවේ විමසිල්ලෙනි. ෙජ්ත්තුවට ඇඳ පැළඳගෙන සිටින මහත්මයෙක් හා රස්තියාදු කාරයෙකු අතර ඇතිවූ දෙබසට ඇහුම්කන් දීමට ඔවුන්ට මහත් ඕනෑකමක් තිබු‚. ඔවුන්ගේ කුතුහලයට ඉඩ නොදෙනුවස් මා ඊලඟ බස් නැවතුමෙන් බැස්සේ ඩැනී සමඟය.

මම කිසිදු වචනයක් නොෙÞඩා ත්‍රීවිලරයකට අත වැනුවෙමි. ත්‍රීරෝද රථය මා ඉදිරියේ නැවතු‚. මම ඩැනියල් සමඟ ඊට ගොඩවූයෙමු. තවමත් ඩැනී කථාබහක් නැත. මා ඇසූ ප්‍රශAණවලට ඔහු දුන්නේ කෙටි පිළිතුරුය. ඩැනී රැකියාවක් නොකරන බවත්, මරÞනේ නැවතී සිටින බවත් කී නමුදු මරÞනේ කොතනක නැවතී සිටිනවාද යන්න මට කීවේ නැත. එම පිළිතුරෙන් ඔහුට ස්ථීර වාසස්ථානයක්  නොමැති බව මම වටහා ගතිමි. ඔහු තම මව සහ සොහොයුරිය ගැන කීවේ යන්තමිනි. දැනට වසර පහකට මෙහා ඔහුට ඔවුන් මුණ ගැසී නැත.

ඔවුන් හමුවීමට ඩැනීට අවශ්‍යතාවයක් ද නැත. ඩැනී පත්ව සිටින තත්ත්වය  කෙරෙහි මට ඇති වූයේ දැඩි අනුකම්පාවකි. මගේ නිවසට ඔහු ගෙන ගොස් සංග්‍රහ කිරීමට මට ඇතිවූයේ නොමද ආශාවකි. 

නිවසට ගියවිට මගේ බිරිඳ හා පෙර පාසල් යන වයසේ සිටින දුව සහ පුතා ඩැනී දෙස බැලූවේ විශ්මිත දෑසිනි. ඩැනී ට අමුත්තක් නොදැනෙන සේ ඩැනී මගේ පාසල් මිතුරෙකුබව ඔවුන්ට කියා හඳුන්වා දුනිමි.

ඩැනී තුළ තිබූ කුලෑටි ගතිය කෙමෙන් කෙමෙන් ඉවත් වී යයි. එය මට සතුටට කාරණයකි. අපි අපගේ පැර‚ අත්දැකීම්, පාසල් කාලය ආදිය ගැන කථා කළෙමු. එය අපට සතුට දනවන්නක් විය.  අප දිවා ආහාරය ගන්නා විට සවස තුනට පමණ ඇත. ඔහු නිරාහාරව සිටිබව පැහැදිළිව පෙනු‚. මම ඩැනීට හොඳ හැටි ආහාර ඛෙදුවෙමි. දිවා ආහාරයෙන් පසු ඔහුට කොළඹ කොටුවට යාමට අවශ්‍ය බව දන්වා සිටියේය. මම නිවසේ ගේට්ටුව ළඟට ගොස් ඔහු ඇරලූවෙමි. ඔහුගේ  කමිස සාක්කුවට රුපියල් දහසේ කොළ තුනක් දැමූ මම උපකාරයක් ඕනෑ වුවහොත් සති අන්තයේ මා හමුවීමට එන ලෙසට ඔහුට පැවසුවෙමි. ඊට පිළිතුරු වශයෙන් ඔහු කිසිවක් නොකියා අහිංසක ලෙස සිනාසුණේය.

ඩැනී පිටත්ව යාමෙන් පසු ඩැනී පිළිබඳ සෝබර කථාව මගේ බිරිඳටත් මම කීවෙමි. එසේම පාසල් මිතුදමේ වටිනාකම ගැන ඔවුන්ට අවබෝධ කළෙම්. මෙසේ සති කීපයක් ගෙවී ගියේ විශේෂ වෙනසකින් තොරවය. ඩැනී පිළිබඳව මතකය ක්‍රම ක්‍රමයෙන් මගේ සිතින් ඈත්වී ගියේය. සති ගණනකට පසුව දිනක් උදෑසන දහයට පමණ බිරිඳගෙන් මට ඇමතුමක් ලැබි‚. එයට ප්‍රතිචාර දැක්වීමට මට නොහැකි වූයේ උදය වරුවේ මා දේශනවල යෙදී සිටි බැවි‚. නැවත අඩ පැයකට  පසුව ඈ මා ඇමතුවාය. දරුවෙකුට අසනීපයක් වත්ද? කියා සිතූ මගේ සිත සසලවිය. මගේ බිරිඳ කථා කළේ මදක් කලබලයෙනි. ඩැනී පැමිණ සිටින බවත් ඔහු රුපියල් තුන්දහසක් ඉල්ලන බවත් ඇය කීවාය. ඩැනී මා සොයා පැමිŒම ගැන මට මද සතුටක් ඇතිවිය. ඔහු ඉල්ලු මුදල ඔහුට දෙන ලෙස මම ඈට කීවෙමි. යළිත් පැමිණෙන්නේ නම් සෙනසුරාÞ දහවලින් පසුව පැමිණෙන ලෙස ඔහුට දැනුම්දෙන ලෙස මම බිරිඳට දන්වා සිටියෙමි.  එවිට බිරිඳ කිවේ ඔහු බීමතින් පසුවන  බවයි. කෙසේ නමුදු මෙම සිදුවීම ගැටළුවකින් තොරව අවසන් විය. බිරිඳ ඩැනීට මුදල් දුන් අතර  ඔහු මුදල් ලබාගෙන පිටත්ව ගොස් ඇත. එම සතියේ සෙනසුරාÞ මම නිවෙසට ගියේ ඩැනී පැමිණෙතැයි සිතමිණි. එහෙත් සෙනසුරාÞ හෝ ඉරිÞ ඩැනී පැමි‚යේ නැත. 

ඉන්පසු එළඹුණූ සතියේ අප ඩැනී එතියි බලාපොරොත්තුවෙන් සිටියද ඔහු පැමි‚යේ නැත. යළිත් ඔහු පැමි‚යේ බÞÞ දිනෙක උදේ වරුවේය. කෙළින් සිටගැනීමටවත්  නොහැකිව  බීමතින් පැමි‚ ඩැනී අපගේ නිවසේ පොටිකෝවේ පුටුවක වැතිර මුදල් ඉල්ලා තිබේ. බියට පත් වූ බිරිඳ ෙÞරගුළු දමා වසා නිවස තුළ රැදී සිටියාය. ළමයින් දෙදෙනා  ළදරු පාසලෙන් ගැනීමට යාමට තිඛෙන නිසා  ඇය නිවසින් පිටතට පැමි‚යේ අසල්වාසී කාන්තාවකට දුරකථනයෙන් කථා කොට ඇයවද  ගෙන්වා ගැනීමෙන් පසුවය. ළමයින් දෙදෙනා  ළදරු පාසලින් ගෙනවිත් අසල්වැසි නිවසේ  රඳවා බිරිඳ නිවසට ගොස් තිබේ. එවිටද ඩැනී පුටුව මත නිÞගෙන සිටිනු ඇය දැක ඇත. එදින සවස් වරුව ඔවුන් අසල්වැසි නිවසේ රැදී සිට ඇත. සවස් වන විට ඩැනී පිටවී ගොසිනි. එහෙත් පොටිකෝවේ  තද මුත්‍රා ගඳක් තිබූ නිසා ඔහු බිත්තියට මුත්‍රා කරන්නට ඇතැයි සිතා ගත හැකි විය.

හදිසියේ කඩා පනින මේ අමුත්තා නිසා අප සිටියේ වික්ෂිප්තවය. ඩැනී නිවසට ගෙනඑAම  පිළිබඳව වගකීම ගතයුත්තේ මාය. ඔහු මෙවැනි අන්දමේ හිසරදයකට අපව පත්කරතැයි මම සිහිනෙන්වත් බලාපොරොත්තු නොවීමි.

දැන් මගේ බිරිඳ මුළු දහවල්කාලයේම සිටින්නේ විමසිල්ලෙනි.  ඇය නිවසේ ෙÞර ජනෙල් වසාගෙන සිටින්නීය. මේ නිසා ළදරු පාසලින් නිවසට එන දරුදෙදෙනාට ගෙවත්තේ සෙල්ලම් කිරීමටද ඉඩ ප්‍රස්ථාවක් නැත. මේ නිසා  පවුලේ සාමාජිකයන් සිටියේ නොසන්සුන්තාවකිනි. මාද විශ්ව විද්‍යාලයේ දේශන පැවැත්වූයේ කවර වේලාවක හෝ බිරිඳගෙන් හදිසි ඇමතුමක් ලැබේදැයි දෙගිඩියාවෙනි. ඩැනී හමුනොවුනා නම් කොතරම් හොඳද යන්න නිරන්තරයෙන්ම මගේ සිතට වද දෙන්නට විය.

මෙවර ඩැනීගේ අනාරාධිත පැමි‚ම නිසා මගේ සිතේ ඇතිවූයේ  කෝපයකි. ඔහු මුදල් ඉල්ලා ෙÞරට ගසා තිබේ. පිළිතුරක් නොමැති නිසා ඔහු පිටත්ව ගොසිනි. එහෙත් පසුව බලන විට  තණ කොළ කැපීමට මා මිළටගත් අළුත්ම තණ කොළ කපන අත්යන්ත්‍රය අතුරු දහන්ව තිබු‚. මෙය ඩැනී රැගෙන ගියබවට කිසිදු සැකයක්  නැත. එA මන්දයත් අප නිවස පිහිටි නිවාස සංකීර්ණයට හිඟන්නන් හෝ සොරුන් නොපැමිණෙන හෙයිනි.

මුරකුරුවෙකු සෙවීම සඳහා මම දින ගණනාවක්ම වෙහෙසුනෙමි. එහෙත් යහපත් ප්‍රතිචාරයක් ලැබුණේ නැත. මුරකරුවෙකුගේ සේවය ලබාගැනීමට නම් පුවත්පතක දැන්වීමක් පළ කරන ලෙස මා මිත්‍ර කථීකාචාර්යවරයෙක් කීය. එහෙත් මුරකරුවෙකු සොයාගත යුත්තේ හොඳින් සොයා බැලීමෙන් පසුවය.

දිනක් සතියේ දවසක උදෑසන බිරිඳ මට කථා කළේ තැතිගත් විලාශයෙනි. ඩැනී තවත් මිනිසෙකු සමඟ පැමිණ සිටියි. ඔහුට මුදල් අවශ්‍ය වී ඇත. මගේ බිරිඳ ෙÞර වසාගෙන අසල්වාසීන්ට කථා කොට ඔවුන් පිටත් කරවීමට උත්සාහ කර තිබේ. එවිට ඔවුන් කියා ඇත්තේ මුදල් දෙනතුරු නොයන බවයි. එවිට මගේ බිරිඳ අපේ අසල්වාසීන්ට කථා කර උදව් ඉල්ලා තිබේ. බිරිඳට උදව්වට පැමි‚ අසල්වාසීන්ට ඩැනී පවසා ඇත්තේ මා ඔහුගේ ×ති සොහොයුරා බවත්, ඔහුට අයත් දේපළ ද ඔහුට නොදී  මා තනිවම භුක්ති විඳින බවත්, එම නිසා එAවා ඉල්ලා ගැනීමට ඔහු ආ බවත්ය.මෙය පවුලේ ප්‍රශ්නයක් නිසා අසල්වාසීන්ට ඉදිරිපත් නොවීමට ඩැනී ඉල්ලා සිටි නිසා අසල්වාසින්  වික්ෂිප්ත වී පවුලේ ආරවුල් වලට මැදිවීමට නොහැක බව කියා පිටත්ව ගොස් ඇත. මේ අත්භූත කථාව මා බලවත් කෝපයට පත් කළේය ඩැනී සම්බන්ධයෙන් දැඩි තීරණයකට පැමි‚ය යුතු බව මට වැටහු‚.

මගේ බිරිඳගේ ×තී සොහොයුරෙකු වන පොලිස් අධිකාරීවරයෙකු සිටියි. මම ඔහුට දුරකථන ඇමතුමක්  දී සිදු වූ සියල්ල විස්තර කළෙමි. ඩැනී වැනි පුද්ගලයෙකු නිවසට ගෙන එAම ගැන ඔහු මදක් මට ෙÞස් පැවරීය. යළිත් වරක් ඩැනී පැමි‚යහොත් ඔහු මත්ද්‍රව්‍ය චෝදනා මත අත්අඩංගුවට ගෙන වසර දහයකට පමණ සිරකර තබන බව ඔහු කීවේ දැඩි ස්වරයෙනි. 

ඔහුගේ මැදිහත්වීමෙන් පසු ඩැනී සම්බන්ධයෙන් තිබූ බිය මදක් පහව ගියේය. එහෙත් ඩැනීව පොලිස් අත්අඩංගුවට පත් කිරීමෙන් මා කරන්නේ වරදක් බව මගේ සිත මට දෝෂාරෝපණය කළේය. පොලිස්  නිළධරයනට ඩැනීව සිරගත කිරීම සුළු ක්‍රියාවකි. ඔවුන් හෙරෝයින්  පැකට් දෙක තුනක් දමා ඔහුව අත්අඩංගුවට ගනු ඇත. අනිවාර්යයෙන්ම ඔහු බන්ධනාගාරගත වනු ඇත. 

ඩැනී මුදල් ඉල්ලා කරදර කළ නමුත් බලහත්කාරයෙන් ගෙට ගොඩවැදීම වැනි ක්‍රියාකර නැත. අපේ තණ කොළ කපන මැෂිම ගරාජයේ ෙÞරගුළු Þ තිබුණේ නම් සොරකම් නොකරනු ඇත. අප ඔහුට බිය විය යුත්තේ ඇයි? ඔහු මට හෝ මගේ පවුලේ අයකුට අනතුරක් නොකරනු ඇත.

යම් හෙයකින් අප ඔහු බන්ධනාගාර ගත කළහොත් ඩැනී මට සාපකරනු ඇත.  එසේම ඔහු නිදහස් වී පැමිණ මගෙන් හෝ දරු පවුලෙන් පළි ගනු ඇත. එසේම නිර්දෝෂී පුද්ගලයෙකු සිරගෙදරට යවා අප නිදහස් සිතකින් සිටින්නේ කෙසේද? මෙම සාපය මසිත නිරන්තරයෙන් දවනු ඇත.

ඩැනී මගේ පාසල් මිතුරෙකි. අපි එකට පාඩම් කළෙමු. එකට ක්‍රීඩා කළෙමු. අප ළමා වියේ සිට මිතුරන්ය. ඔහු දැනට පාදඩ ජීවිතයක් ගත කළද අපට අපගේ අතීත මිත්‍රත්වය අමතක කළ නොහැක. මා ඩැනී ගෙදරට ගෙන ආවේ ඔහුගේ මිත්‍රත්වය මා අපේක්ෂා කළ හෙයිනි. ඔහු දැන් පත්ව සිටින්නේ අභාග්‍ය සම්පන්න තත්වයකටය. මෙයට ඩැනී වැරදි කරුවක්ද? ඔහුගේ පියා අකාලයේ මියයෑම ඩැනීගේ ළමාකාලය  සසල කළේය. එසේම ඔහුගේ මව වෙනත් විවාහයක් කර ගැනීම ඔහුට හැ`ගුණේ මවද ඔහුගෙන් ඉවත්ව යාමක් ලෙසිනි. මේ නිසා මවගෙන් පළිගැනීමට ඔහු මත්පැන් පානයට හා මත් කුඩු භාවිතයට පෙළඹූනා විය හැකිය. 

ඩැනී හොඳින් ඉගෙනගෙන උසස් තත්ත්වයක සිටියේ නම් මම නිබඳවම ඔහුගේ සමාගම අපේක්ෂා කරමි. ඩැනී ජීවිතයෙන් පැරදුණු අයෙකු නිසා මම දැන් ඔහු ප්‍රතික්ෂේප කරමි. එA නිසා ඔහුට බිය වෙමි. ඔහුගේ සමාගමින් පැන දුවමි. 

ඩැනීට රැකියාවක් නොමැති නිසා ඔහු මුදල් ටිකක් සොයාගැනීම සඳහා  මා වෙත පැමිණේ. මට කෙලින්ම මුහුණ දීමට ඔහු තුළ ඇති සැක බිය හා කුලෑටි කම නිසා මා නොමැති සතියේ දිනවල එනවා විය හැකිය.  මා ඔහු වෙනුවෙන් කළේ කුමක්ද? මුදල් නෝට්ටු කීපයක් දී ඔහු පිටත්කර හැරීමයි. එසේම ඩැනී  හිසරදයක් ලෙස මම සලකමි. ඇත්ත වශයෙන්ම අපගේ මිත්‍රත්වය වෙනුවෙන් මා කළ යුතුව තිබුණේ ඩැනී පුනුරුත්ථාපනය කිරීම නොවේද? එය මා සිතන තරම් අසීරු කරුණක් නොවෙනු ඇත. මත්ද්‍රව්‍ය හා මත්පැනට යොමුවී සිට මිනිසුන් යහමඟට යොමු වූ ආකාරය පිළිබඳ  සත්‍ය කථා මා අසා තිබේ. එම නිසා ඩැනීට අවස්ථාවක් ලබා දිය යුතුය.

මෙවැනි පුනුරුත්ථාපන කටයුතු වල නිරතවන මගේ මිත්‍ර වෛද්‍යවරු සිටිති. ඔවුන් මගින් ඩැනීට යහපත් ජීවිතයක් ලබාදීම මට කළ හැකිය. මිතුරෙකු ලෙස එය කිරීම මගේ යුතුකමද වෙයි. මා යළිත් මගේ ×තී පොලිස් නිළධාරියාට ඇමතුමක් දී ඩැනීගේ ගැටලූව සම්බන්ධයෙන් මට වෙනත් පිළියමක් ඇති බවක් මම ඔහුට කීවේමි. මීට ඇහුම්කන් දුන් ඔහු මා සමඟ මදක් උරණ වුවද, මගේ අදහස ඔහුට ඉදිරිපත් කළෙමි. අවසානයේදී ඔහුද මගේ අදහසට එකඟ විය. ඩැනී සම්බන්ධයෙන් මා ගැනීමට බලාපොරොත්තු වන ක්‍රියා පිළිවෙල මම මගේ බිරිඳට පැහැදිලි කර දී ඇය දැනුවත් කළෙමි. එසේම ඔහුගෙන් අපට හානියක් නොසිදුවන බවත් ඔහුට බිය විය නොයුතු බවත් බිරිඳට පැහැදිළි කර දී ඇගේ සිතද හැදුවෙමි. එA සමගම ඩැනී කෙරෙහි මා තුල ඇති වූ සැකය හා කෝපය පහව ගියේය. මගේ සිතට සහනයක්ද දැනිණි. 

මගේ මිත්ත්‍රත්වයේ හස්තය ඔහුවෙත දිගු කර, මගේ මිත්‍ර වෛද්‍යවරු මගින් ඔහු පුනරුත්ථාපනය කිරීමට වැඩපිළිවෙලක් සකස් කර ඩැනී නැවත පැමිණෙන තුරු මම බලා සිටිමි. ඔහු පිළිබඳ කිසිම බියක් මට නොදැනේ. මගේ සිතිවිලි පවිත්‍රය. අනාගතයේදී ඩැනී හොඳ මිනිසෙකු වන බව මම විශ්වාස කරමි.

වෛද්‍ය රුවන් එම් ජයතුංග

30 comments:

  1. යහපත් අරමුණක්, එය එසේම ඉෂ්ට වේවා කියා දැනට පතමි

    ReplyDelete
  2. මනුතාපයේ පියතුමා කළා වගේ වැඩක්නේ කරලා තියෙන්නේ. ප්‍රතිඵලයත් ඒ වගේම වුනොත් ගත්ත උත්සාහයට වටිනාකමක් ලැබෙනවා. නැතත් කරපු වැඩේ වටිනාකම අඩු වෙන්නේ නෑ. ඔය වගේ වැඩ වලට සෑහෙන ධෛර්යයක් අවශ්‍යයි. විශේෂයෙන්ම පවුලේ අයත් පැටලුනාම ගොඩක්ම අමාරුයි.

    ReplyDelete
  3. ගණිත විෂයන්ගෙන් උසස් පෙළ හදාරා වෛද්‍යවරයෙකු වීම ඇත්තෙන්ම විස්මයජනකයි.

    ReplyDelete
    Replies
    1. Not so surprising in Australia

      Delete
    2. මෙය කෙටි කතාවකි , කථකයා මනංකල්පිත පුද්ගලයෙකි

      Delete
    3. මේ පහල කියල තියනවා වගේ ඔස්ට්‍රේලියාවෙ නම් පුදුමයක් නෙමෙයි .මෙඩිසින් කරන්න ලකුණු ගන්න ළමයි මැත්ස් කරනවා. මෙන්න මේ සබ්ජෙක්ට්ස් තමයි වැඩි දෙනෙක් ගන්න ඒවා. Maths Methods,Specialist Maths,Chemistry,Physics,Biology with English.මේවට කියන නමකුත් තියනවා Asian 5 or Curry 5 කියල මොකද ඒසියන්ළමයි තමයි මේවා කරන්නෙ .

      Delete
    4. North America වල Medicine කරන ලමයි සාහිත්‍ය වගේ විශයන් පවා කරනවා

      Delete
  4. ඔබගේ සිතිවිලි පවිත්‍ර බව මම දනිමි. එහෙත් මෙවැනි පුද්ගලයන් ගෙදරට ගෙන ඒම ගැන නම් මට ඇත්තේ පුදුමයකි. ඩැනී පාසල් මිතුරෙක් වුනත් දැන් ඔහු සම්පූර්නයෙන්ම වෙනත් පරිසරයකට සමාජානුයෝජනය වී ඇත. ඔහු පුනරුත්ථාපනය කිරීම අවශ්‍යයෙන්ම කළ යුතු දෙයයි.
    මෙහි තව අතුරු කතාවක් ඇත. පොලිස් නිලදාරීන්ට ඕනෑම කෙනෙකුට බොරු මත්ද්‍රව්‍ය චෝදනා නැගීමේ හැකියාවයි. මමද මෙය අසා ඇත. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඩුවම දීමට යෝජනා කෙරෙන්නේ මෙවන් පසුබිමකය

    ReplyDelete
    Replies
    1. ඩැනී පාසල් මිතුරෙක් වුනත් දැන් ඔහු සම්පූර්නයෙන්ම වෙනත් පරිසරයකට සමාජානුයෝජනය වී ඇත.++++++++

      Delete
  5. oba niyama mithrayek
    Obage manushyathawaya samada thibeva kiya pathami

    ReplyDelete
    Replies
    1. මේ කෙටි කතාව ලිවීමට පාදක වෙන්නේ සත්‍ය සිද්ධියක් ඇසුරෙන්. අදාල පුද්ගලයා තමන් ගේ මත්ද්‍රව්‍ය භාවිතයට යොමු වූ මිතුරාව එංගලන්තයට ගෙන ගොස් පුනරුථාපනය කළා ඔහුගේ වියදමින්

      Delete
  6. ඇඹිලිපිටියේ සිසු ඛේදවාචකය ගැන පොතක් මට කියවන්නට ලැබුණි. මා මෙය කලින් අසා ඇතත් ඉතා සවිස්තරව දැනගත්තේ එම පොතෙනි. එම භීෂනයට මුහුනදුන් පවුල් විනාශ වී ගොස්ය.
    පාසල් සිසුන් පැහැරගෙන ගොස් දරුණු වධදී මරා දැමීම සිතා ගත නොහැකි දෙයකි. මේ ඝාතකයන්ටද මේ වයස් වල දරුවෝ සිටින්නට ඇත.සාමාන්‍ය පෙල පන්තිවල සිටි එම සිසුන් දෙමාපියන්ගෙන් පැහැරගත් සැටි ම්ලේච්ඡය. දියෙන් ගොඩ ගැසූ මාලුන් මෙන් දරුවන් වෙව්ලද්දී දරුවො ගෙනයන්න එපා කියා අම්මලා බදාගෙන සිටින විට අම්මලාට පහර දී පැහැරගත් හමුදා නිළධාරීන් ගේ මනෝභාවය මටසිතාගත නොහැක.එසේ පැහරගෙන ගොස් වධදී මරන මානසිකත්වයද එසේමය.පැහැරගන්නේ මරන්න බව හොදින්ම දන්නා මෙම රාක්ෂයන් ඉතා සන්සුන්ව එම කාර්යයන් කරති.එසේ පැහරගෙන ගොස් මරාදමා පසුදාද දඩයමේ යයි.මුන්ගේ මනස එලෙස සකස් වුනේ කෙසේද?
    මෙවැනි යක්ෂයන් බිහිකරන පාඨමාලා හමුදාවල තිබේද
    හමුදාවෙ කෙනෙකුට හැර සිහි බුද්ධියක් ඇති කිසිම කෙනෙකුට අනුමත කළ නොහැකි බිහිසුනු දේවල් මේ ලංකාවේ සිදුවී ඇත.

    හමුදාව යනු මිනීමැරීමට පුහුණු කරන ආයතනයකි. සත්‍ය එයයි .රැකියාව නිසා මිනිසුන් සමාජානුයෝජනය වීමක්ද.

    ප්‍රචන්ඩත්වය ගැන ඔබ ලියූ ලිපි කියවා ඇත්තෙමි. ඔබ ඝාතකයන් සමග සාකච්ඡා කර ඇත්ද
    ඝාතකයන් ට සාමය උදාවූ පසු ගොදුරු හිගකම නිසා ඔවුන් අලුත් තත්වයට මුහුන දෙන්නේ කෙසේද
    මෙය නම් විද්‍යාත්මක නොවෙන්නත් පුලුවන්. ඔවුන්ට කළ ක්‍රියාවලට විපාක ලැබී ඇත්ද

    ReplyDelete
    Replies
    1. පැහැරගන්නේ මරන්න බව හොදින්ම දන්නා මෙම රාක්ෂයන් ඉතා සන්සුන්ව එම කාර්යයන් කරති.එසේ පැහරගෙන ගොස් මරාදමා පසුදාද දඩයමේ යයි.මුන්ගේ මනස එලෙස සකස් වුනේ කෙසේද?
      මෙවැනි යක්ෂයන් බිහිකරන පාඨමාලා හමුදාවල තිබේද //

      මෙසේ ඇසුවේ යාළුවො කට්ටියක් එක්ක කතාබහක යෙදෙන විට යාළුවෙක් කී දෙයක් නිසාය. ඇත්තද නැද්ද යන්න නොදනිමි. එහෙත් 89 කාලයේ හමුදාව කර ඇති දේවල් දෙස බලන විට කතාව බොරු වෙන්නත් බැරිය.

      " පාකිස්ථානයේ පුහුණුවකට යන නිළධාරීන්ට බලු පැටියෙක් දෙයි. මේ බලුපැටියා සමග මුළු පුහුණු කාලයම ගත කළ යුතුය.එය නිරීක්ෂනය කෙරේ. හමුදා නිළධාරියා සහ බල්ලා අතර භාවාත්මක සම්බන්ධයක් ගොඩ නැගිය යුතුය. පුහුණුව අවසන් දින සෑම නිළධාරියෙක්ම තමන්ගේ බල්ලා කෲර ලෙස මැරිය යුතුලු. එසේ නොකළොත් පරීක්ශනය අසමත් වේ. උසස්වීම් අහිමි වේ.ලංකාවට ආවිට පෝරියල්ය.
      මට සිතෙන්නේ ඕනෑම කෙනෙක් මරන්නට හමුදා නිළධාරියාගේ මනස සකස් කරන්නේ මෙවැනි ක්‍රමවලින් කියාය.

      කවදා හෝ ලොකයට සාමය උදාවී මෙම මිනීමරන සංස්ථාව අහෝසි වන දින මිනිස් ලෝකය කොයිතරම් වාසනාවන්තද

      Delete
    2. 1) අැඹිලිපිටියේ ඝාතකයෙකුගේ සොහොයුරෙකුට මම කතා කරලා තියනවා.
      2) ඔබගේ මුළු ප්‍රශ්නයටම උත්තර තියනවා මගේ මේ ලිපියේ

      http://transyl2014.blogspot.ca/2014/12/the-psychological-effects-of-torture.html

      http://transyl2014.blogspot.ca/2014/12/the-untold-story-of-hammond-hill-prison.html

      Delete
  7. හැබෑ ජීවිතේ ඩැනී ( ලා වගේ කුඩු හසන අය )මුණගැහිලා නෑ. ඒත් ඒ හා සමානව විනාශ වෙච්ච අය ඉන්නවා. උදව් කරන්න ගිහින් අමාරුවේ වැටිච්ච හින්දාත්, අන්තිමට මේ කතාවේ කතෲතුමාගේ ගෙදර ඈයොන්ට වුනා වගේ කරදර වෙන්න ගත්තම අතෑරලා දාන්න වෙච්ච අවස්ථා අනන්තවත් තියෙනවා. එක අතකට දුකයි ඒත් උදව්ව අස්සේ විකුණන් කන්න එන එක ගැනත් තරහක් වගේ හැඟීමක් තියෙනවා. ඒ අතින් මේ කතාවේ අවසානය සෑහෙන සාර්ථකයි මට වඩා.

    ReplyDelete
  8. මේක කෙටි කතාවකට නිසා ප්‍රබන්ධ කරන ලද්දක්. නමුත් සැබෑ ජීවිතයේ මේ වගේ දේවල් වාර්තා වෙලා තියනවා

    ReplyDelete
  9. මගෙත් යාළුවෙක් ඉන්නවා ඩැනී වගේ. ඉඳහිට හම්බුණහම පොර මට හිටිවන බොරු කියනවා. එයාගෙම ඕනෙකමට එක පාරක් පවුලෙ උදවිය පුනරුත්ථාපන කඳවුරකටත් ගිහිං ඇරලුවා. පස්සෙ එයාම එහෙං පැනලා ඇවිත් තිබුණා.

    ප්‍රබන්ධයෙන් සමාජගත් කරන්න අදහස් කරන දේ ගොඩක් හොඳයි. හැබැයි ප්‍රබන්ධය තරමක් දුරට වාර්තාමය ස්වරූපයක් ගන්නවා.

    ReplyDelete
    Replies
    1. පුනරුත්ථාපන අමාරුයි වාර දෙක තුනක් කරලා හරිගිය පුද්ගලයනුත් ඉන්නවා

      Delete
  10. මේ කතාවේ සංකල්පය මම කමෙන්ට් අතරදි දැක්ක නිසා හොදයි. වෛද්‍ය තුමනි මොකක්ද මේ අකුරු කොටන කොට ඇති වෙන ඉංගිරිසි මැද්දට පැනිමේ දෝෂය...

    ReplyDelete
    Replies
    1. පොඩි යුනිකෝඩ් ගැටළුවක් තියනවා

      Delete
    2. Ruwan, paste this first on a MS Notepad. Not MS Word.

      Delete
  11. කතාවෙ අගට යනකල් මට හිතුනේ නෑ මේක රුවන්ට වෙච්ච දෙයක් නොවන බව. මම මේක තුන්කාලක් කියවලා බිරිඳට කිව්වා ඔයා ඇවිත් මේක කියවන්නකො, මේ මගේ යාලුවට වෙලා තියෙන දේ කියලා. පස්සෙ ඒක කෙටි කතාවක් බව දැනගත්තාම ඔන්න පොඩ්ඩක් කූල් වුනා.

    මේක අහක ඉන්න නයි රෙද්ද අස්සේ දාගැනීමක්ද නැතිනම් උත්තම මිනිස් ගුණාංගයක්ද කියලා මේ තත්වයට මුහුණ දෙන්න වුනාම හිතාගන්න අමාරුයි.

    ReplyDelete
    Replies
    1. Dude මේ වගේ දෙයක් UK ඉන්න Royalist කෙනෙක් තමන් ගේ පන්තියේ හිටපු යාලුවෙකුට කෙරුවා . අදාල පුද්ගලයා තමන් ගේ මත්ද්‍රව්‍ය භාවිතයට යොමු වූ මිතුරාව එංගලන්තයට ගෙන ගොස් පුනරුථාපනය කළා ඔහුගේ වියදමින්

      Delete
  12. සංවේදී කතාවක්. මගෙ ජීවිතෙත් මේ වාගෙ සිද්ධියක් තියෙනවා. මාත් සමඟ එකට දහම් පාසලේ ඉගෙන ගත්ත ළමයෙක් දැන් එළවළු කරත්තෙක එළවළු විකුනනවා. ඔහු මට හමු උනේ අවුරුදු ගානකට පස්සෙ උනත් මා හඳුනාගෙන කතා කලා. එදා පටන් මා නිතරම උවමනා උනත් නැතත් මොනව හරිම ඔහුගෙන් අරන් එනවා. අද හැරිලා බැලුවම අපි දෙන්නා ඉන්න තැන් හිතාගන්න බැහැ. ඒත් එයාට උදව්වක් කරන එක මගෙ යුතුකම.
    මේ තත්වෙදි මේ කරපු දේ බොහොම වටිනවා. කෙනෙක් හැමදාම නරක් වෙන්නෙ නෑ. මගෙ මහත්තයා මෙවන් අයගේ දරුවන්ට උගන්වනවා. ඒ අයට ආදීනව කියාදී හොඳ මගට ගැනීම අගය කරනවා.

    ReplyDelete
    Replies
    1. ඔබගේ ක්‍රියාව හරි Chandi

      Delete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook